.webp)
ඔවුන් එය පාලනය කළේ කෙසේ ද?
අවසන් ආසාදිතයා හමුවී මාසයක් ඉක්ම ගොස් ඇති වටපිටාවකදී කිසිදු බියකින් තොරව ඉතා ඉක්මනින් ඔවුන්ට රට විවෘත කිරීමට හැකිවන්නේ, වංසගත ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදීම කඩිනම් පියවර ගත් නිසාවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි. හාර්වඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක වියට්නාමයේ සෞඛ්‍ය අංශය වැඩිදියුණු කිරීම සඳහා වන ආයතනයේ ආචාර්ය ටොඩ් පොලැක් පවසන්නේ, මෙවැනි භයානක රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ දී, දැඩි තීන්දු තීරණ ගත යුතුවූ බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ දීම වියට්නාමය ක්‍රියාත්මක වූ බවයි. ඒ අනුව මෙම වසංගතයට වියට්නාමය සූදානම් වී ඇත්තේ, කොවිඩ් වසංගතයෙන් චීනයේ "වූහාන්හි" මරණ දෙකක් වාර්තා වීමත් සමගයි. සංචරණය සීමා කිරීම, තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කළ වියට්නාමය අවසානයේ එරට චීන දේශසීමාව වසා දැමීමට, දේශසීමාවේ සහ අවදානනමට ලක්විය හැකි ස්ථානවල සහ පරීක්ෂාවන් වැඩි කිරීමට එ් අනුව ඔවුන් කටයුතු කර තිබේ. ජනවාරි මාස අවසානයේ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් එරට වසා දැමුණු පාසල් මැයි මැද දක්වා එලෙසින්ම වසා තැබීමට බලධාරීහු ක්‍රියා කළහ. ඒ අනුව වියට්නාමය කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ක්‍රියාත්මකවී ඇත්තේ, ලොව සෙසු රටවල් ඊට අවශ්‍ය පියවර ගැනීමට පෙර වීම විශේෂත්වයකි. වූහාන් සිට වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිටින සිය පුත්‍රයා බැලීමට පැමිණි පුද්ගලයෙකු ජනවාරි 23 වන දා එරට පළමු රෝගියා වාර්තා විය. මාර්තු මාසයේ මුල් භාගය වන විට රටට අතුළු වූ සියලු දෙනා මෙන් ම කොරෝනා ආසාදිතයින්ට සම්බන්ධ සියලු පාර්ශව දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර ඇති අතර, නිරෝධායනය වූ සියලු දෙනා වෛරස පරීක්ෂාවට ලක් කර තිබේ. වාර්තා වන ආකාරයට වියට්නාමයේ කොවිඩ් පරීක්ෂණ 275000 කට අධික ප්‍රමාණයක් මේ දක්වා සිදුකර ඇත. විශේෂත්වය වන්නේ, අවදානම් ප්‍රදේශ හඳුනාගනිමින් ඒ ප්‍රදේශ පමණක් වසා දැමීම මගින් කොවිඩ් පාලනයට කටයුතු කිරීම හේතුවෙන්, වියට්නාමය සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එසේම,ආසාදිතයන් පොකුරු ප්‍රථම අවස්ථාවේම හඳුනාගනිමින් සාර්ථකව යටපත් කර රට සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත. තව ද වියට්නාම සෞඛ්‍ය අංශ පවසන්නේ, මෙය සාර්ස් (2003 ) , කුරුළු උණ (2010 ) වැනි වසංගත මැඩපැත්වීමේ සිට වසංගත රෝග ව්‍යාප්තියේදී වියට්නාමය ක්‍රියාත්මක වූ ආකාරයෙන් ම මෙවරත් කඩිනමින් ක්‍රියාත්මක වූ බවයි. මීට අමතරව ලොව බලවතුන් කොවිඩ් මාරයාගේ ගොදුරු බවට පත්වෙද්දී රුවන්ඩාව, උගන්ඩාව, මොසැම්බියා දේශය මොංගෝලියාව, භූතානය, ග්රීන්ලත්නය, ෂීසෙල්ස් වැනි රටවල් කිහිපයකින් ද කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැත.