කොරෝනා නිසා යළි මව්බිමට ආ ලංකිකයින් ගණන 4500ක්

කොරෝනා නිසා යළි මව්බිමට ආ ලංකිකයින් ගණන 4500ක්

by Staff writer 21-05-2020 | 6:00 PM
COLOMBO (News 1st) : කොරෝනා වසංගතයත් සමග විදේශවල සිටි ශ්‍රී ලංකිකිකයින් 4500 ක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව රජය පවසයි. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, තවත් 41000 ක පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවයි. මීට අමතරව සංචාරක වීසා මත තවත් 11000 කට අධික පිරිසක් ද විදේශවල රැඳී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ, එම පිරිස් කඩිනමින් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.