UAE ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

by Staff writer 21-05-2020 | 9:43 AM

COLOMBO (News 1st) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි තත්ත්වයක් හේතුවෙන් අද සහ හෙට තාවකාලිකව වසා දමා ඇතැයි සඳහන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය මේ බව දැනුම් දී ඇත. තනාපති කාර්යාලය තුළ සේවය කළ නිලධාරීන් 5 දෙනෙකුට COVID -19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග මෙම පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. වසා දමා ඇති කාලය තුළ [email protected] විද්‍යුත් තැපෑල මගින් එම කාර්යාලය සමග සම්බන්ධ විය හැකිවේ. නැතහොත් 800 119 119 ගාස්තු රහිත දුරකතන අංකය ඔස්සේ ද එක්සත් අරාබි එමීර්හි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකි බව ද දැනුම් දී ඇත.