by Staff writer 21-05-2020 | 5:39 PM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වන සුළං අභිසාරී වීමක් හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බවයි.
දිවයින හරහා සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 -60 ත් දක්වා ඉහළ යා හැකි අතර වැසි පවතින අවස්ථාවල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර දිස්ත්‍රික්ක 10 කට නිකුත් කළ නායයාම් අනතුරු ඇගවීම් නිවේදනය හෙට පස්වරුව දක්වා දිර්ඝ කර තිබේ.