මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල් යයි

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල් යයි

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල් යයි

කර්තෘ Staff writer

21 May, 2020 | 3:30 pm

COLOMBO (News 1st)

UPDATE (3.30pm) : ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට, ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම්, වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබිණ.

එය සලකා බැලුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේයී.

පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද දවස පුරාම එම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වී ය.

==============================================================

Update (10.12 a.m) – ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද සිව්වන දිනටත් මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදීය.

පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයන්තසුර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ වනවිට කරුණු දක්වමින් සිටි.

==============================================================

COLOMBO (News 1st) – ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සළකා බැලීම අද සිව්වැනි දිනයටත් සිදු කෙරේ.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදීය.

පෙත්සම් අද උදෑසන 10.00 ට යළි සළකා බැලීමට නියමිතය.

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ කොමිසම නිරික්ෂණය කර ඇතැයි, එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඊයේ දැනුම් දුන්නේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]