
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි තත්ත්වයක් හේතුවෙන් අද සහ හෙට තාවකාලිකව වසා දමා ඇතැයි සඳහන් වේ.
නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය මේ බව දැනුම් දී ඇත.
තනාපති කාර්යාලය තුළ සේවය කළ නිලධාරීන් 5 දෙනෙකුට COVID -19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග මෙම පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
වසා දමා ඇති කාලය තුළ [email protected] විද්‍යුත් තැපෑල මගින් එම කාර්යාලය සමග සම්බන්ධ විය හැකිවේ.
නැතහොත් 800 119 119 ගාස්තු රහිත දුරකතන අංකය ඔස්සේ ද එක්සත් අරාබි එමීර්හි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකි බව ද දැනුම් දී ඇත.
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
- ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
- කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
- අවුරුදු 10ක දැරියකට මරු කැඳවූ TikTok
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
- නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන, කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්..
- රැඳවියෙකුට දුරකතනයක් දීමට තැත් කළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්..
- සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා..
- පොඩි ලැසීගේ ගෝලයෙකු ගිනි අවි 2 ක් සමග කොටු