Update ඡන්ද දිනය:පෙත්සම් සළකා බැලීම ඇරඹේ

Update: ජුනි 20 මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ..

by Staff writer 20-05-2020 | 10:35 AM

Update (10.25 a.m): ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම 03 වැනි දිනට ඇරඹේ.

==============================================================

COLOMBO (News 1st) - ලබන ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් අද උදෑසන 10.00 ට යළි සළකා බැලීමට නියමිතය.

නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ මෙම පෙත්සම් අද යළි සළකා බලනු ලබන්නේ තෙවන දිනටයි. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදීය.