by Staff writer 20-05-2020 | 7:15 PM
COLOMBO (News 1st) : රුපියල් 5000 ආධාර ලබාදීමේ වැඩ සටහනින් ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කරවීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.
එම කොමිෂන් සභාව වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුත් ආදළ ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් , මුදල් අමාත්‍යාංශ ලේකම් සහ කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර තිබේ.
එහි දැක්වෙන්නේ රුපියල් 5000 ඇතුළු දීමනා ලබාදීමේ වැඩපිළිවෙළ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බවයි.
එම නිසා මෙම මූල්‍ය ආධාර ලබාදීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනයන් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙසට සියලුම නිලධාරින් වෙත දන්වන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එදිනෙදා කටයුතු ඉටු කර ගැනීමේ හැකි තත්ත්වයක් පවතී නම්, ජුනී මාසයේදී ද මෙම ආධාරය ලබාදීමේ සැබෑ අවශ්‍යතාවයත් තිබේ ද යන්න සලකා බැලීම අවශ්‍ය බව තම කොමිසමේ මතය වන බවයි.
මූල්‍යාධාර ලබාදෙන්නේ නම් එය ආණ්ඩුවේ දේශපාලනමය , ව්‍යාපෘතියක් නොවන බවට ප්‍රදර්ශනයවීම අවශ්‍ය වන බව ද මැතිවරණ කොමිෂන් සභාව තම ලිපියෙන් පෙන්වා දෙයි.