by Staff writer 20-05-2020 | 7:31 PM
COLOMBO (News 1st) : ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබේ.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ලබාදුන් වැරදි තොරතුරු මත පදනම්ව ICC ප්‍රතිපාදන මත මෙම ක්‍රීඩාංගණය ඉදිකරන බව තමන් ප්‍රකාශය කළ බව ගම්මන්පිල මහතා නිකුත් කළ ට්ව්ටර් පණිවිඩයේ සඳහන් ය.
මෙවැනි අවස්ථාවක සිය හෘද සාක්ෂියට එකග වෙමින් සිය ප්‍රකාශය නිවැරදි කිරීමට කටයුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය.
කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ රුපියල් බිලියන 8ක් වැය කරමින් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මෙරට ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවත නැවතත් සිතා බැලිය යුතු නොවේ ද?
https://www.facebook.com/NewsfirstSL/videos/575339436721262/