දැරියක සමූහ දුෂණය කළ තරුණයින් 6ක් රිමාන්ඩ්

දැරියක සමූහ දුෂණය කළ තරුණයින් 6ක් රිමාන්ඩ්

by Staff writer 20-05-2020 | 6:41 PM
COLOMBO (News 1st) : සෙවනගල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක සමූහ ලෙස දුෂණය කළ බව කියන සැකකරුවන් 6 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් අවුරුදු 17 ත් 20 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ඒ අතර දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු ද වන බව වාර්තා වේ. දැරිය පාළු නිවසකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇතැයි පරික්ෂණවලදී හෙළීව තිබෙන බව පොලීසිය පැවසී ය. සැකකරුවන් සෙවනගල,ඉඳිකොළපැලැස්ස,නවෝදාගම හා කිරිඉබ්බන්ආර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. රෝහල්ගත කර ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි. https://www.facebook.com/NewsfirstSL/videos/1367941430061914/