'අම්පන්' ඉන්දියාවට‍

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ඉන්දියාවට 'අම්පන්' සුළි කුණාටුවෙනුත් පීඩා..

by Staff writer 20-05-2020 | 7:29 AM

News 1st - 'අම්පන්' සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාව දෙසට ගමන් කරමින් ඇති බව වාර්තා වේ.

සුපිරි සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ හා බංග්ලාදේශයේ පුද්ගලයින් මිලියනයක් පමණ ප්‍රදේශයන්ගෙන් ඉවත් කරන බව වාර්තා විය. 'අම්පන්' සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ දේශසිමාවන්ට ඇතුල්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මිලියනක ජනතාව ඉවත් කිරීම වෙනුවෙන් සහන කණ්ඩායම් 20 ක් පමණ මේ වනවිට යොදවා ඇති බව සඳහන් වේ. ඉන්දියාව COVID-19 වෛරසයෙන් දැඩි පීඩාවට පත් ව ඇති පසුබිමක ජනතාව අවදානම් ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීම අසීරු කාර්යක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් 'අම්පන්' සුළි කුණාටුවත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට තද වැසි ඇදහැළෙන බව ද වාර්තා වේ. පැයට කිලෝමීටර් 185 ක වේගයකින් හමා එන 'අම්පන්' සුළි කුණාටුව දශකයක් තුළ ඉන්දියාවට පැමිණි විශාලතම සුළි කුණාටුව බව විදෙස් වාර්තාවල සඳහන් විය.