මහ වැස්සෙන් ගමනාගමනයට බාධා

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

by Staff writer 20-05-2020 | 10:53 AM

COLOMBO (News 1st) - කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග බුලත්සිංහල - පරගොඩ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වි ඇති බවය. ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් උඩුගම - හිනිදුම මාර්ගය ජලයෙන් යට වී ඇතැයි අප ප්‍රාදේශිය වාර්තාකරු පැවසීය. හැටන්, දික්ඔය වත්ත ප්‍රදේශයේ දරවල වත්තට ගමන් ගැනීමට ඇති පාලම ඊයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් කඩා වැටී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවය. ප්‍රදේශයේ ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මේ වනවිට ඔවුන් විකල්ප මාර්ගය භාවිතා කරන බව අප වාර්තාකරු පැවසුවේ ය.