පළාත් කිහිපයකට තද වැසි

කළු, ගිං, නිල්වලා ගංගා සුළු ගංවතුර මට්ටමේ : දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් හෙට තෙක් දීර්ඝ කෙරේ

by Staff writer 20-05-2020 | 7:28 AM

COLOMBO (News 1st) - නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. 'අම්පන්' සුළි කුණාටුව උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද අපරභාගය වනවිට එය බටහිර බෙංගාල වෙරළ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. මේ අතර පැවති වර්ෂාවත් සමග ගංගාවල ජල මට්මට පහළ ගොස් ඇති අතර කළු, ගිං සහ නිල්වලා ගංගා සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, දිස්ත්‍රික් 10 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් හෙට පස්වරු 2.30 දක්වා දීර්ඝ කර ඇති බවයි. අද දිනයේත් මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එහි සෝදිසි කිරීම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට මුහුදුතීරය දැඩි රළු ස්වභාවයක් ගන්නා බවය. ප්‍රධාන ගංගාවල ජල මට්ටම... Water Level & Rainfall 2020.05.20 at 03.30 a.m