ඉටුකම කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් මි.1128 යි

ඉටුකම කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් මි.1128 යි

by Staff writer 20-05-2020 | 10:07 PM
COLOMBO (News 1st) : ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1128 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, අදත් අරමුදල සඳහා පාර්ශව රැසක් පරිත්‍යාග සිදු කළ බවයි කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ ඉටුකම සන්නාමය ඇතිවයි. ඒ අනුව ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ලෙස එය නම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැයි මස වැටුප, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් අද ජනාධිපතිවරයා වෙත ආධාර පිරිනැමීම සිදු කළේ ය. තඹුත්තේගම ගොවිජන සංවිධානය රුපියල් ලක්ෂ 2ක්, රජයේ පාසල් දන්ත චිකිත්සකයන්ගේ සංගමය රුපියල් ලක්ෂ 5ක් ,මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලය රුපියල් දෙලක්ෂ 25000 ක්ද පාරිත්‍යාග කළේ ය.