පළාත තුළ බස් රථ ධාවනයට අද සිට අවසර

අවදානම් කලාප හැර පළාත තුළ බස් රථ ධාවනයට අද සිට අවසර

by Staff writer 20-05-2020 | 7:16 AM

COLOMBO (News 1st) - අධිඅවදානම් හා අවදානම් ප්‍රදේශ හැර පළාත තුළ බස් රථ ධාවනයට අද සිට අවසර ලබා දෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එය ක්‍රියාත්මක බවය. කෙසේ වෙතත් බස්නාහිර පළාත තුළ එය ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසුවේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තවදුරටත් බස් රථවල ගමන් කළ හැක්කේ ආසන සංඛ්‍යාවට සරිලන මගීන් පිරිසකට පමණක් බවය. මේ අතර අද දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන දුම්රියෙන් ගමන් කිරීමේ පහසුකම් සලසා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/971979819905259/