අම්පන් සුළි කුණාටුව ඉන්දියාවට කඩා වදී

අම්පන් සුළි කුණාටුව ඉන්දියාවට කඩා වදී

by Staff writer 20-05-2020 | 6:34 PM

COLOMBO (News 1st) - වසර ගණනාවකට පසු බෙංගාල බොක්කේ වර්ධනය වූ දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන අම්පන් අද සවස ඉන්දියාවේ බටහිර බෙංගාල වෙරලතීරය දෙසින් ගොඩබිම් ප්‍රදේශයට කඩා වැදුණි.

ඒ, පැයට කිලෝමිටර් 165 ත් 175 ත් අතර වේගයකිනි. අම්පන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් කොල්කටා නගරය ඇතුළු බටහිර බෙංගාල ප්‍රාන්තයට මෙන්ම ඔඩීසා ප්‍රාන්තයට තද වැසි සමග තද සුළං හමා යමින් ඇතැයි ඉන්දිය මාධ්‍ය අනාවරණ කළේ ය. ඉන්දීය මාධ්‍ය පවසන්නේ කුණාටුව හේතුවෙන් බටහිර බෙංගාල වෙරල තීරයේ මුහුදු රළ මීටර් 5 ත් තරම් ඉහළ යා හැකි බවයි. මේ අතර, හෙට දිනය වනවිට මෙරටට අම්පන් සුළි කුණාටුවේ බලපෑම අඩු වී යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.