කොරෝනා ආසාදිතයින් ගණන 1023 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1023 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1023 ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

20 May, 2020 | 6:56 am

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් ගණන 1023 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, ඊයේ පස්වරුවේ තව ත් කොරෝනා ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඔවුන්ගෙන් 28 දෙනෙකු ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් බවය.

කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 445 කි.

මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 569 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]