මහ මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙට 10ට

මහ මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙට පෙරවරුව දක්වා කල් යයි

by Staff writer 19-05-2020 | 3:10 PM
COLOMBO (News 1st) : ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10.00 ට යළි කඳවීමට නියමිතයි. නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබූ අදාළ පෙත්සම් සළකා බැලීම සඳහා අද දෙවැනි දිනටත් කැඳවී ය. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ය.