by Staff writer 19-05-2020 | 6:26 PM
COLOMBO (News 1st) - රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට ඇප ලබා දෙන ලෙසට කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රතික්ෂේප කර තිබේ.
කන්තලේ සීනි සමාගමට අයත්ව තිබු ගොඩනැගිලි සහ යකඩ ද්‍රව්‍ය පවරා දීම සඳහා අවශ්‍ය අනුමැතිය දීමට රුපියල් කෝටි 02 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනාවලට වරදකරු කර පියදාස දිසානායක මහතාට වසර 12 ක සිරදඬුවමක් මීට පෙර නියම කෙරුණි.
එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකි රාජරත්න යන විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ එම විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වී නොමැති බවය.
නඩුවේ පළමු විත්තිකරු හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහනාම මහතා කර තිබු ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 02 වැනි දා නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවරා තිබු නඩුව විභාග කළ එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පළමු විත්තිකාර ආචාර්ය කුසුම්දාස මහනාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිරදඬුවමකුත්, දෙවන විත්තිකාර පියදාස දිසානායක මහතාට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවමක් ලබාදීමට පසුගිය දෙසැම්බර් 19 වැනි දා නියෝග කළේ ය.