UPDATE ඡන්ද දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් කැඳවයි

UPDATE: මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවයි

by Staff writer 18-05-2020 | 8:00 AM

Update (10.45 a.m) - ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් 7ක් සහ අතරමැදි පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවයි.

==============================================================

COLOMBO (News 1st) - ලබන ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සළකා බැලීම සඳහා ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීය.