ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

by Staff writer 18-05-2020 | 7:54 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ.

ඒ, කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීය. සාකච්ඡාව පැවැත්වෙන්නේ නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය.