ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

by Staff writer 18-05-2020 | 6:01 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණේ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ය. මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාල කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක්ද මධ්‍යම කාරක සභා රැස්වීමට එක්ව සිටිය හ.