ඇඳිරි නීතිය කඩ කළ 15,695කට නඩු

පැය 24 ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 2709 ක් අත්අඩංගුවට

by Staff writer 18-05-2020 | 9:53 AM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2709 දෙනෙකු අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 946 කි. ඒ අනුව මාර්තු 20 වැනි දා සිට මේ දක්වා පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 59,035 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 16,436 ක් සිය භාරයට ගෙන ඇති බවය. පසුගිය 18 වැනි දා දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 15,695 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. ඒ අතරින් පුද්ගලයින් 5660 දෙනෙකුට එරෙහිව දඬුවම් නියම කර ඇතැයි ද පොලීසිය පැවසීය.