පතලේ සැඟවුණු මිණිකැට

පතලේ සැඟවුණු මිණිකැට

by Staff writer 18-05-2020 | 1:38 PM

COLOMBO (News 1st) - පතලක් කපන්නේ මැණික් සොයන්නට මිස මැණික් සඟවන්නට නොවෙයි.

එහෙත්, බකමූණ, අතරගල්ලෑව ප්‍රදේශයේ කුඩා මැණික් කැට දෙකක් කිසිවෙකු නොසිතු පරිදි පතලක සැඟව ගොස් ඇත. ඒ, සිතුලි නිසත්මා සහ නෙතුලි නිසල්යා. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණියන් දෙදෙනායි. සත් හැවිරිදි සහ තුන් හැවිරිදි එම සිඟිත්තියන් ඊයේ නිවසේ සිටියදී මව ඔවුන්ගේ බිළිඳු සොයුරාට කිරි පොවමින් සිටියා ය. බලපත්‍ර සහිත මේ පතල පිහිටා ඇත්තේ ඔවුන්ගේ නිවසේ සිට මීටර 15 ක් පමණ දුරිනි. සිතුලි සහ නෙතුලි පෙනෙන්නට නොසිටි නිසා ප්‍රදේශවාසීන් එක්ව සොයා බැලු අවස්ථාවේ ඔවුන්ගේ සිරුරු මෙම පතලේ තිබී සොයා ගැනුණි. අප වාර්තාකරු පැවසුවේ, මිය ගිය වැඩිමහල් දියණිය සිතුලි නිසත්මා කිරිඔය ප්‍රාථමික විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි. දැරියන් දෙදෙනාගේ සිරුරු බකමූණ රෝහලේ තැන්පත් කර තිබේ.   https://www.facebook.com/NewsfirstSL/videos/539429830072195/