'අම්පන්' චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු...

'අම්පන්' චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු...

by Staff writer 18-05-2020 | 7:21 AM

COLOMBO (News 1st) - බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින 'අම්පන්' සුළි කුණාටුව ඉදිරි පැය 6 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළි කුණාටුව මේ වනවිට පවතින්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතවය. මේ හේතුවෙන් දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට තවදුරටත් මිලිමීටර 150 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි වේ. නැවත දැනුම්දෙන තුරු මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනු ඇත. පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වේ. එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ මහනුවරයි.   https://www.facebook.com/NewsfirstSL/videos/2655287914759814/