පැය 24 ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 2709 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 2709 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 2709 ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

18 May, 2020 | 9:53 am

COLOMBO (News 1st) – පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2709 දෙනෙකු අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 946 කි.

ඒ අනුව මාර්තු 20 වැනි දා සිට මේ දක්වා පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 59,035 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 16,436 ක් සිය භාරයට ගෙන ඇති බවය.

පසුගිය 18 වැනි දා දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 15,695 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 5660 දෙනෙකුට එරෙහිව දඬුවම් නියම කර ඇතැයි ද පොලීසිය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]