A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

කර්තෘ Staff writer

17 May, 2020 | 12:12 pm

COLOMBO (News 1st) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4 ක් සඳහා ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර දී තිබේ.

ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන්වලට ගණක යන්ත්‍ර (Calculator) භාවිතා කිරීමට අවසර දෙනු ඇති.

විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ඉදිරියේදී තවත් විෂයන් කිහිපයක් සඳහා ද ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අනුමැතිය දීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]