by Staff writer 17-05-2020 | 3:29 PM
COLOMBO (News 1st): යාපනය සිට පුත්තලම දක්වා නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු කලා ඔය මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කන්ටේනර් රථයක් තුළ සූක්ෂමව සඟවාගෙන මෙම ගවයින් ප්‍රවාහනය කර තිබුණි.
පොලීසිය පැවසුවේ එහි ගවයින් 24 දෙනෙකු සිටි බව ය.
ගවයින් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ද තිබී නොමැති බව පොලීසිය සඳහන් කළේ ය.
රියැදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.