පොදු සමාව දෙන බන්ධනාගාරයේ නවතම වැඩපිළිවෙළ...

වසර 20ට වඩා බන්ධනාගාරගත අවුරුදු 60 ඉක්ම වූ රැඳවියන්ට ජනපති පොදු සමාව දෙන්නැයි ඉල්ලීමක්

by Staff writer 17-05-2020 | 7:20 AM

COLOMBO (News 1st) - වසර 20 කට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින අවුරුදු 60 ට වැඩි සුදුසුකම් ලත් රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබා දෙන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් පාලන බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 500 දෙනෙකු පමණ බන්ධනාගාරගත කර සිටින බවය. පුද්ගල ඝාතන, ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන, දේපොළ සොරා ගැනීම ඇතුළු අපරාධ මෙන්ම මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයින් ඒ අතරට අයත්ය. මේ අතර ඇප ලබා දිය හැකි වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයින් 4000 ක් පමණ මේ වනවිට මුදා හැර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.