යුද්ධ හමුදාවේ 14,617 කට උසස්වීම්

යුද්ධ හමුදාවේ 14,617 කට උසස්වීම්

by Staff writer 17-05-2020 | 9:10 PM

COLOMBO (News 1st) –  සෙසු නිලයින් 14,617 කට උසස්වීම් ලබාදීමට යුද හමුදාව තීරණය කර තිබේ.

ඒ, ලබන 19 වැනිදාට යෙදෙන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීවය. එම තීරණය ගෙන ඇත්තේ, රටේ ආරක්ෂාව තහවුරු කිරීමේදී මෙන්ම ජන ජීවිතවලට තර්ජනයක් එල්ල වන ස්වභාවික විපත්, ත්‍රස්ත තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනවලදී යුද හමුදා සාමාජිකයින් කරන්නා වූ කැප කිරීම්වලට වටිනාකමක් එක් කිරීමේ අරමුණිනි. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන්, යුද හමුදා විධායක ජෙනරල් ලබාදුන් උපදෙස්වලට අනුකූලව දිනක් තුළ යුද හමුදාවට ලබාදුන් වැඩිම උසස් වීම් ප්‍රමාණය අද සිට බලපැවැත්වෙන පරිදි ලබාදෙනු ඇති. ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී අනිද්දා (19) පස්වරු 4.00 ට පැවැත්වේ. ඒ, සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.