මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය දියගමට

මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දියගම ඉදිකිරීමට පියවර

by Staff writer 17-05-2020 | 8:38 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම, දියගම ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කිරීමට යෝජිත භූමියේ ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට අද පැමිණි අවස්ථාවේදීය. බන්දුල ගුණවර්ධන මහතා ​සඳහන් කර සිටියේ තාවකාලිකව නතර වුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදය යටතේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරිම් ආරම්භ කරන බවය. දිවා/රාත්‍රී තරග ක්‍රීඩා කළ හැකි ආසන 40,000කින් සමන්විත මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වසර 3ක් තුළ නිම කිරිමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම එම භූමිය තුළ ක්‍රීඩාව වෙනුවෙන් සැකසූ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට ද බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙය දේශපාලන පළිගැනීම් සඳහා දෙන ගෞරවාන්විත පිළිතුරක් ලෙස හැඳින්විය හැකි බව ය.