මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදවා ගැනීමට වැඩසටහනක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදවා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක්

by Staff writer 17-05-2020 | 8:20 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඒකාබද්ධවයි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා සඳහන් කළේ, රෝහල් 11 ක් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් සිදු කෙරෙන බවය. අදාළ සායනවලට සම්බන්ධවීම පිළිබඳ තොරතුරු 0710 301 301 දුරකතන අංකට ඇමතුමක් ලබා දීමෙන් දැනගත හැකියි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැඩි පිරිසක් සිටින්නේ බස්නාහිර පළාතේ බව අනාවරණය වී තිබේ. එම සංඛ්‍යාව 65,000 කට අධිකය.