නිවාස 5000 කට තවදුරටත් විදුලිය සැපයුම අඩාලයි

නිවාස 5000 කට තවදුරටත් විදුලිය සැපයුම අඩාලයි

by Staff writer 17-05-2020 | 9:17 AM

COLOMBO (News 1st) - නිවාස 5000 කට තවදුරටත් විදුලිය සැපයුම අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, හම්බන්තොට, ගාල්ල, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කයන්හි නිවාසවල විදුලිය සැපයුම එලෙස අඩාල වී ඇති බවය. දිවයිනට බලපෑ මහ වැසි, තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 45000 කට පමණ ඊයේ විදුලිය සැපයුම බිඳ වැටුණි. කඩිනමින් සියලු නිවාසවලට විදුලිය සැපයුම ලබාදෙන බව සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.