හෙට සිට දුම්රිය 19 ක් ධාවනයට

දිස්ත්‍රික්ක අතර බස් ධාවනයට අවසර දෙන්න - ලංගම ඉල්ලයි

by Staff writer 17-05-2020 | 7:13 AM

COLOMBO (News 1st) - දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදී දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි. මුහුදු බඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතවේ. පුත්තලම සහ උතුරු මාර්ගවල ධාවනය සඳහා දුම්රිය බැගින් යොදවන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය. පසුගිය සතියේ දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කර තිබුණේ 2600 ක් පමණි. ඒ හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනය එක් කර තිබුණි. සාමාන්‍ය දිනකදී දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව 70,000 ඉක්මවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය. මේ අතර දිස්ත්‍රික්ක අතර බස් ධාවනයට අවසර දෙන්නැයි ලංකා ගමනාගමන මණ්ඩලය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.