වැටුප් පරිත්‍යාගය ආරක්ෂක අංශයන්ට අදාළ නැහැ

දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය

by Staff writer 17-05-2020 | 6:01 PM

COLOMBO (News 1st): දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීමේ ඉල්ලීම ත්‍රිවිධ හමුදාව, පොලීසීය සහ සිවිල් ආරක්ෂ නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව ය. මැයි මස වැටුපෙන් යම් ප්‍රමාණයක් අඩක්, සතියක හෝ දිනක වැටුප රජය වෙනුවෙන් පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය සතියේ ඉල්ලීමක් කළේ ය. ඒ, කොරෝනා වසංගතයත් සමග රට තුළ මතුව ඇති මූල්‍යමය අපහසුතාවන් මගහරවා ගැනීම සඳහා ය. එම ඉල්ලීම සෙබළුන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් සඳහා අදාළ නොවන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ය.