කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන

කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන

by Staff writer 17-05-2020 | 8:43 PM

COLOMBO (News 1st) –  දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදි දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි. මුහුදුබඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතය. දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන මෙසේය. 01 - මහනුවර සිට කොටුවට පෙ.ව. 5.20 02 - පොල්ගහවෙල සිට කොටුවට පෙ.ව. 6.00 03 - මීරිගම සිට කොටුවට පෙ.ව. 6.45 04 - වේයන්ගොඩ සිට කොටුවට පෙ.ව. 7.10 05 - ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.00 06 - ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.50 07 - රාගම සිට කොටුවට පෙ.ව. 7.45 08 - මහව සිට කොටුවට පෙ.ව. 5.30 09 - හලාවත සිට කොටුවට පෙ.ව. 5.30 10 - හෝමාගම සිට කොටුවට පෙ.ව. 6.45 11 - කොස්ගම සිට කොටුවට පෙ.ව. 6.15 12 - පාදුක්ක සිට කොටුවට පෙ.ව. 6.55 13 - අවිස්සාවේල්ල සිට කොටුවට පෙ.ව. 6.20 14 - මොරටුව සිට කොටුවට පෙ.ව. 7.00 15 - අලූත්ගම සිට කොටුවට පෙ.ව. 6.15 1 6 - පානදුර සිට කොටුවට පෙ.ව. 7.10 17 - කළුතර සිට කොටුවට පෙ.ව. 7.00 18 - ගාල්ල සිට කොටුවට පෙ.ව. 5.30 19 - බෙලිඅත්ත සිට කොටුවට පෙ.ව. 5.10   https://www.facebook.com/NewsfirstSL/videos/2602458106635272/