පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 56,326 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

by Staff writer 17-05-2020 | 9:57 AM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 56,326 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය මාර්තු 20 වැනි දා සිට මේ දක්වා කාලය තුළයි. එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 15,490 කි. ඒ අතරින් පුද්ගලයින් 13,556 ක් සහ වාහන 5221 ක් පොලිස් භාරයට ගෙන ඇත්තේ අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළයි. ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.