වසර 20ට වඩා බන්ධනාගාරගත අවුරුදු 60 ඉක්ම වූ රැඳවියන්ට ජනපති පොදු සමාව දෙන්නැයි ඉල්ලීමක්

වසර 20ට වඩා බන්ධනාගාරගත අවුරුදු 60 ඉක්ම වූ රැඳවියන්ට ජනපති පොදු සමාව දෙන්නැයි ඉල්ලීමක්

වසර 20ට වඩා බන්ධනාගාරගත අවුරුදු 60 ඉක්ම වූ රැඳවියන්ට ජනපති පොදු සමාව දෙන්නැයි ඉල්ලීමක්

කර්තෘ Staff writer

17 May, 2020 | 7:20 am

COLOMBO (News 1st) – වසර 20 කට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින අවුරුදු 60 ට වැඩි සුදුසුකම් ලත් රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබා දෙන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් පාලන බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 500 දෙනෙකු පමණ බන්ධනාගාරගත කර සිටින බවය.

පුද්ගල ඝාතන, ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන, දේපොළ සොරා ගැනීම ඇතුළු අපරාධ මෙන්ම මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයින් ඒ අතරට අයත්ය.

මේ අතර ඇප ලබා දිය හැකි වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයින් 4000 ක් පමණ මේ වනවිට මුදා හැර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]