by Staff writer 17-05-2020 | 7:08 AM
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අතරින් 431 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.
සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 520 කි.
කොරෝනා බවට සැක කෙරෙන 106 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේය.
ඊයේ හඳුනා ගැනුණු රෝගීන්ගෙන් 23 දෙනෙකු නාවික හමුදා සෙබළුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.