හබරණදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

හබරණදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 16-05-2020 | 5:20 PM

COLOMBO (News 1st): වන අලි පහර දීමකින් හබරණ, කුඩාරාබාවැව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය.

නිවසේ සිට සිය වගා බිම කරා පාපැදියකින් ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ. අනතුරුව එම පුද්ගලයා හබරණ ප්‍රාථමික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටියේ ය. සිද්ධිය වූ ස්ථානයට හබරණ හදිස්සි මරණ පරීක්ෂක කේ.බී. නන්දසේන සහ හබරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ අද උදෑසන මරණ පරීක්ෂණය සිදු කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.