සුනඛ ඉවෙන් කොරෝනා ආසාදිතයින් සෙවීමේ ක්‍රමයක්?

සුනඛ ඉවෙන් කොරෝනා ආසාදිතයින් සොයන්න බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණ

by Staff writer 16-05-2020 | 9:54 PM

COLOMBO (news 1st): කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මතුවීමටත් පෙර යම් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇත්දැයි ඉව කර දැනගැනීමට සුනඛයින්ට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් පවසයි.

බ්‍රිතාන්‍ය රජය මෙම පරීක්ෂණය සදහා බ්‍රිතාන්‍ය පවුම් 50,000ක පමණ මුදලක් යොදවා තිබේ . එරට විශ්වවිද්‍යාලක මෙම පරීක්ෂණයේ වැඩිදුර හැදෑරීම් සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් එම පර්යේෂකයින් පවසන්නේ එලෙස කොරෝනා වෛරසය හඳුනා ගැනීමට සුනඛයින් විශේෂ පුහුණු කිරීම්වලට ලක්කර සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට බලාපොරොත්තුවන බවය.