නව ආර්ථික දැක්ම පිළිබඳ වාර්තාවක් බැසිල් රාජපක්ෂට

කොරෝනාවෙන් පසු ශ්‍රී ලංකාවේ නව ආර්ථික දැක්ම පිළිබඳ වාර්තාවක් බැසිල් රාජපක්ෂට භාරදෙයි

by Staff writer 16-05-2020 | 10:16 PM

COLOMBO (News 1st): Covid-19 න් පසු ශ්‍රී ලංකාවේ නව ආර්ථික දැක්ම පිළිබඳ වාර්තාවක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් එම වාර්තාව ඊයේ බැසිල් රාජපක්ෂ මහතාට භාර දුන්නේය. ඒ, අරලියගහ මන්දිරයේදීය. මෙම වාර්තාව සම්පාදනය කර ඇත්තේ මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යයන, පර්යේෂණ ආයතනවල නියෝජිතයින් , ව්‍යාපාරික ප්‍රජාව හා පාත්ෆයින්ඩර් පදනමයි. එහි දැක්වෙන්නේ මිනිස් ජීවිත ආරක්ෂා කරගනිමින්, යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. කෙටිකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ මධ්‍ය කාලීනව සියල්ල ඇතුළත් වර්ධනයක් සඳහා හොඳ පදනමක් දැමිය යුතු බව ද එහි දැක්වේ. ආර්ථිකය කඩා වැටීමේ අවදානම වළක්වා ගැනීමට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කිරීම සඳහා රාජ්‍ය හා බාහිර සංචිත ගොඩනැගීම සඳහා දෙවන ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව වාර්තාව වැඩිදුරටත් දැක්වේ. වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ තුන්වන ප්‍රමුඛතාව වන්නේ පුද්ගලික අංශයට ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට හැකිවන පරිදි ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීමයි. ඊට අමතරව ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු 09කට කෙටිකාලීන විසඳුම් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ.