කටුනායක වෙඩි තැබීමක්... පුද්ගලයෙක් මරුට

කටුනායක, මහගම වෙඩි තැබීමක්... පුද්ගලයෙක් මරුට

by Staff writer 16-05-2020 | 9:43 AM
COLOMBO (News 1st) : කටුනායක, මහගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසීය සඳහන් කළේ, ඔහු කාන්තාවක සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක් බව ද පොලීසීය සඳහන් කළේ ය. මිය ගොස් ඇත්තේ‍ 38 හැවිරිදි මහගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සිදුකල පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/3010913778955238/