COLOMBO (News 1st) : 8.00AM පවතින වර්ෂාවත් සමග කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.
කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් සුජිත් කුලසේකර මහතා සඳහන් කළේ, පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.
COLOMBO (News 1st) 6.00AM: දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි අදත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊට හේතුවී ඇත්තේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිත වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයකි.
නැගෙනහිර, උතුරු මැද ඇතුළු සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකියි.
ගිණිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන ත්තත්වය එම ප්‍රදේශය තුළදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළු කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන කාලගුණ නිවේදන අනුව ක්‍රියා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර ඊයේ උදෑසන 8 .30 සිට අද අලුයම 3 .00 දක්වා මිලිමීටර් 212 ක් වූ වැඩිම වර්ෂාපතනය කෑගල්ල ගලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
ගාල්ල සිරිකඳුරට මිලිමීටර් 202 ක වර්ෂාපතනයක් පතිත වී තිබේ.
ගාල්ල හෑගොඩට ලැබී ඇති වර්ෂාපතන අගය 191 කි.
ගාල්ල නගර සීමාවට මිලිමීටර් 163.3 ක්, රත්නපුර කිරිඇල්ලට මිලිමීටර් 147.4 ක් සහ රත්නපුර පරකඩුවට මිලිමීටර් 141.5 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
කළුතර මදුරාවලට ලැබී ඇති වර්ෂාපතන අගය මිලිමීටර් 133.5 කි.
කොළඹ මට්ටක්කුලියට මිලිමීටර් 112 ක වර්ෂාපතනයක් සහ කළුතර මතුගමට මිලිමීටර 105 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
කළු, කැළණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
https://www.facebook.com/NewsfirstSL/videos/912784752517946/