වැලිසරදී කෝටි 230ක හෙරොයින් තොගයක් පොලිස් භාරයට

JUST IN : වැලිසරදී රු. කෝටි 230ක හෙරොයින් පොලිස් අත්අඩංගුවට

by Staff writer 15-05-2020 | 11:42 AM
COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැලිසර ප්‍රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝග්රෑම් 225 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් තොගය සමග මෝටර් රථ දෙකක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සහල් මලුවල ඇසුරුම් කර තිබියදී එම හොරොයින් තොගය සොයා ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 230 කට අධික බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම සහ වැලිසර පදිංචිකරුවන් බව පොලීසිය පැවසී ය. සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/701565940579135/