IDH රෝහලේදී අකුරු කියවපු පුංචි මල් කැකුළ

IDH රෝහලේදී අකුරු කියවපු පුංචි මල් කැකුළ

by Chathuranga Rajapaksha 15-05-2020 | 4:53 PM

COLOMBO (News 1st): දරුවන් තමයි අපේ අනාගතය, ඒ වගේම ඔවුන් තමයි කවදහරි අපේ රට භාර ගන්න ඉන්නේ.

දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යම්කිසි දෙයක් කරනවා කියන්නේ ඒක කොයිතරම් වටිනා වැඩක්ද? පුංචි දරුවෙකුගේ අනාගතය එළිය කරන සුන්දර සිදුවීමක් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (IDH) අද(15) සිදුවුණා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන පුංචි දරුවෙක් අද නැකතට අකුරු කියෙව්වා. මේ පුංචි දරුවා වෙනුවෙන් එයාගේ ජීවිතේ වටිනාම අවස්ථාව සංවිධානය කරන්න මහන්සි වුණේ IDH රෝහලේ අංක 02 ළමා වාට්ටුවේ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක්. කොරෝනා වෛරසයත් එක්ක සටන් කරන මේ පුංචි මල් කැකුළට අකුරු කියවන වෙලාවේ කිසිම අඩුවක් වෙන්න රෝහල් කාර්යය මණ්ඩලයනම් ඉඩ තිබ්බේ නෑ. අන්තිමේදී හැමෝගෙම ආශිර්වාදය මැද අපේ මේ පුංචි මල් කැකුළ 'අ' 'ආ' කිව්වා. ජීවිතයේ වටිනාම අවස්ථාවකදී රෝහලේ ඉන්න සිදුවුණත් ඒ දරුවාගේ ජීවිතය ආලෝකමත් කරපු මේ සුන්දර වැඩේනම් අපි හැමෝටම ආදර්ශයක්. මේ පුංචි මල් කැකුළට ඉක්මන් සුවය වගේම සුන්දර අනාගතයකුත් අපි හැමොම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු! https://www.facebook.com/NewsfirstSL/videos/577557023140635/