home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
IDH රෝහලේදී අකුරු කියවපු පුංචි මල් කැකුළ
by Chathuranga Rajapaksha
15-05-2020 | 4:53 PM
COLOMBO (News 1st): දරුවන් තමයි අපේ අනාගතය, ඒ වගේම ඔවුන් තමයි කවදහරි අපේ රට භාර ගන්න ඉන්නේ.
දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යම්කිසි දෙයක් කරනවා කියන්නේ ඒක කොයිතරම් වටිනා වැඩක්ද? පුංචි දරුවෙකුගේ අනාගතය එළිය කරන සුන්දර සිදුවීමක් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (IDH) අද(15) සිදුවුණා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන පුංචි දරුවෙක් අද නැකතට අකුරු කියෙව්වා. මේ පුංචි දරුවා වෙනුවෙන් එයාගේ ජීවිතේ වටිනාම අවස්ථාව සංවිධානය කරන්න මහන්සි වුණේ IDH රෝහලේ අංක 02 ළමා වාට්ටුවේ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක්. කොරෝනා වෛරසයත් එක්ක සටන් කරන මේ පුංචි මල් කැකුළට අකුරු කියවන වෙලාවේ කිසිම අඩුවක් වෙන්න රෝහල් කාර්යය මණ්ඩලයනම් ඉඩ තිබ්බේ නෑ. අන්තිමේදී හැමෝගෙම ආශිර්වාදය මැද අපේ මේ පුංචි මල් කැකුළ 'අ' 'ආ' කිව්වා. ජීවිතයේ වටිනාම අවස්ථාවකදී රෝහලේ ඉන්න සිදුවුණත් ඒ දරුවාගේ ජීවිතය ආලෝකමත් කරපු මේ සුන්දර වැඩේනම් අපි හැමෝටම ආදර්ශයක්.
මේ පුංචි මල් කැකුළට ඉක්මන් සුවය වගේම සුන්දර අනාගතයකුත් අපි හැමොම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු!
https://www.facebook.com/NewsfirstSL/videos/577557023140635/
වෙනත් ලිපි
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත්
පාස්කු දින ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද..
News1st සම්මාන රැසකින් පිදුම් ලබයි..
ගංවතුර අවදානම තවත් පැය 24 කින් දීර්ඝ කෙරේ.
අතුරුගිරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතන 2කට 4ක් අත්අඩංගුවට
වරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය