ආසාදිතයින් 10 දෙනාගෙන් 8ක් ම නාවික සෙබළුන්

හඳුනා ගත් ආසාදිතයින් 10 දෙනාගෙන් 8ක් ම නාවික සෙබළුන්

by Sagarika Chathumali 15-05-2020 | 6:21 AM
COLOMBO (News 1st) : ඊයේ දිනයේ මෙරටින් හඳුනා ගැනුණු නව කොරෝනා ආසාදිතයින් 10 දෙනාගෙන් 8 දෙනෙකු ම නාවික හමුදා සෙබළුන් බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඉතිරි දෙදෙනා එම සෙබළුන්ගේ පවුල්වල සමාජිකයින් බවයි. ඒ නුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 925ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ පමණක් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 63 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ  ආසාදිතයින්  471 කු පමණි.