සුදුවැල්ල ත්, බණ්ඩාරනායක මාවත ත් දැන් නිදහස්

සුදුවැල්ල හා බණ්ඩාරනායක මාවත හුදකලාවෙන් නිදහස්

by Staff writer 15-05-2020 | 8:44 AM
COLOMBO (News 1st) : හුදෙකලා කර තිබූ ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශය සහ කොළඹ - 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශය යළි විවෘත කර තිබේ. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, පැවසුවේ, එම ප්‍රදේශවල යෙදා තිබූ සියලු මාර්ග බාධක ඉවත් කර ඇති බවයි. ඒ අනුව මෙරට තුළ හුදකලා කර තිබූ සියලු ගම්මාන සහ නගර මේ වනවිට නිදහස් කර තිබේ. මේ අතර යුද හමුදාපතිවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි දෙසතිය තුළ දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින් කොවිඩ්19 පරාජය කිරීමට සහය වන ලෙසයි.