by Staff writer 15-05-2020 | 5:52 PM
COLOMBO (News 1st): බස්නාහිර පළාතේ කල් ඉකුත් වී ඇති වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.
මාර්තු 13 වැනිදා සිට ජූලි 31 වැනිදා අතරතුර කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර සඳහා එම සහන කාලය ක්‍රියාත්මකයි.
ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.